ලෝකයේ බලතුලනය වෙනස් වී එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ එක් අතිප්‍රභලතම සුපිරි බලවතෙකු බවට පත්වීමට ඇමරිකාවට ලැබුනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව යැයි මෙම ලිපිය ආරම්භයේදීම ඔබට කියන්නට සිතුවේ මෙම ලිපියට අදාල සීල් භටයන්ගේ බිහිවීමද එයට අදාල වන නිසයි. (ලෝකයේ බිහිවූ අනිත් ප්‍රභල සුපිරි රාජ්‍යය සෝවියට් දේශයයි. එය 90 දශකයේදී බිද වැටුනත් දැන් එය නැවතත් රුසියාව ලෙස ක්‍රමයෙන් නැගී සිටින බවක්ද තිබෙන බව කිය යුතුය).
Monday, December 14, 2015
What is Buddhism ?

• What is Buddhism?
Buddhism is a religion to about 300 million people around the world. The word comes from 'budhi', 'to awaken'. It has its origins about 2,500 years ago when Siddhartha Gotama, known as the Buddha, was himself awakened (enlightened) at the age of 35.
Tuesday, December 1, 2015
අභිරහස් ඊජිප්තු පිරමීඩ - Mysterious Pyramids of Egypt
පුදුම හතෙන් එකක් වන පිරමීඩ පිළිබඳ තවමත් ඇත්තේ අභිරහසකි.ඊඡිප්තුව පුරා විශාල වියලි බිම් පරාසයක විහිදෙන මේ පිරමීඩ හුදෙක් මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද?
Monday, November 30, 2015
බෝපාල් ( Bhopal ) ඛේදවාචකය
බෝපාල් ඛේදවාචකය ගැන හුගක් අය දන්නවත් ඇති, නොදන්න අයට මුලින් පොඩි හැදින්වීමක් කලොත් මේක සිද්ධවුනෙ අපේ අසල්වැසි ඉන්දියාවේ 1984 වර්ශයේදී, හරියටම කියනවානම් දෙසැම්බර් 2-3 රාත්‍රියේදී මධ්‍යප්‍රදේශ්, බෝපාල්වල. ඛෙදවාචකය තමයි මේ ප්‍රදෙශයේ තිබුන යුනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් කියන සමාගමෙන් වැරදීමකින් කාන්දුවුන මීතයිල් අයිසොසයනේට් හා තවත් විශවායූන්ට ප්‍රදේශවාසීන් නිරාවරණය වීම.
සිදුවීමෙන් ඇතිවූ ජීවිතහානිය එක් එක් පාර්ශ්වයන් විසින් විවිධ ලෙස තක්සේරු කලා. සිද්ධිය සිදුවූ සැනින් සිදුවූ මරණ සංඛ්‍යාව මධ්‍යප්‍රදෙශ් රජය 3,787ක් ලෙසද නිලවාර්ථා 2,259ක් ලෙසත් වාර්තාකලා. එසේම සිද්ධියෙන් සතියක් ඇතුලත එය තවත් 8,000න් පමණ ඉහල ගිය බව කියවේ. කෙසේවෙතත් 2006 වසරේදී රජය විසින් 558,125 ක තුවාලකරුවන් ප්‍රමාණයක් මින් පීඩාවිදින බව ප්‍රකාශයට පත්කලා. මේ අතරට 38,478ක සාමාන්‍ය තුවාල කරුවනුත් 3,900ක දරුණු තුවාල ලැබූ සදාකාලික රෝගීනුත් අයත්වන බව පැවසේ.
Thursday, November 19, 2015
Operation Geronimo (බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම)
බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම
- බින්ලාඩන්ගේ රැකවළුන් එල්ල කළ ප්‍රහාරයෙන් බ්ලැක්‌හෝක් හෙළිකොප්ටරය කඩා වැටේ.
- බින්ලාඩන් සිටි නිවසට රාත්තල් 2000 ක බෝම්බ දුසිමක් දැමීමේ මුල් සැලසුම අත්හිටුවයි.
- පාවාදීම කළේ ගුන්තනාමෝ බේ සිර කඳවුරේ සිටි බින්ලාඩන්ගේ සගයන් දෙදෙනක්.
- මෙහෙයුම ගැන පකිස්‌තානයටවත් හෙළි කළේ නැහැ - ඇමරිකානු නිලධාරියෙක් පවසයි
- දිනය - 2011 මැයි 1 වැනිදා රාත්‍රි 10.00
- ස්‌ථානය - පකිස්‌තානයේ ඉස්‌ලාම්බාද් අගනුවර සිට චීනය වෙත සම්බන්ධවන කුලාතුලා අධිවේගී මාර්ගයේ පිහිටි ඇබ්බොට්‌මාබාඩ් නගරය.
ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවු Futility or The Wreck of the Titan
1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් “ටයිටෑන්” කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.
පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් දෙකේම හිටිය 3000ක් ඒත් ඇතිවෙන්න බෝට්ටු තිබුනෙ නැහැ, පොතේ නැවෙන් මියගියේ 2500යි, ඇත්ත නැවෙන් මියගියා 2208ක්.
Wednesday, November 18, 2015
බොන්සායි කලාව
බොන්සායි කලාව කියන්නේ මොකද්ද?
බොන්සායි කියන ජපන් වචනය බොහෝ දෙනා අහල ඇති. බොන්සායි කලාවට ජපන් ජාතිකයන් උරුමකම් කීවත් මේක ආරම්භ වුනේ චීනයේ. ඒ මීට වසර දහස් ගණනකට ඉස්සර. ඒත් මේක ලෝකෙට දුන්නෙ නම් ජපානය.සරලවම කියනව නම් බොන්සායි කියන්නේ පැතලි බඳුන් වල කුරු ශාක වගා කිරීමේ කලාවටයි. ශාකය කුරු වුනත් ස්වභාවික විශාල පැරණි ශාකයක හැඩය ඒ අයුරින්ම එයට ලබා දෙන්න පුලුවන්.හැඩය පමණක් නොවේ පැරණි ශාක වල ඇති කැලැල්, මැරුණු අතු වල ලක්ෂණ ආදිය ද ඒ අයුරින්ම නිර්මාණය කල හැක.
බොන්සායි ගසක් නිර්මාණය කිරීම අප හිතන තරම් පහසු නැත. ඒ සඳහා දැනුමට අමතරව හොඳ ඉවසීමක් හා උත්සාහයක් අවශ්‍ය වේ. එසේම බොන්සායි සඳහා සම්මත නීති පද්ධතියක් ඇත. මේවා අනුගමනය අනිවාර්‍ය නැත. නමුත් සම්මත නීති අනුගමනය කිරීමට උත්සාහ ගතහොත් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් කරගත හැක.
ඇත්තෙන්ම කියනවනම් බොන්සායි කියන්නේ මිනිසාගේ සිත නිවන අගනා නිර්මණයක්.
බොන්සායි ගසක් නිර්මාණය කිරීම අප හිතන තරම් පහසු නැත. ඒ සඳහා දැනුමට අමතරව හොඳ ඉවසීමක් හා උත්සාහයක් අවශ්‍ය වේ. එසේම බොන්සායි සඳහා සම්මත නීති පද්ධතියක් ඇත. මේවා අනුගමනය අනිවාර්‍ය නැත. නමුත් සම්මත නීති අනුගමනය කිරීමට උත්සාහ ගතහොත් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් කරගත හැක.
ඇත්තෙන්ම කියනවනම් බොන්සායි කියන්නේ මිනිසාගේ සිත නිවන අගනා නිර්මණයක්.
Subscribe to:
Posts (Atom)