Monday, November 30, 2015

බෝපාල් ( Bhopal ) ඛේදවාචකය



     බෝපාල් ඛේදවාචකය ගැන හුගක් අය දන්නවත් ඇති, නොදන්න අයට මුලින් පොඩි හැදින්වීමක් කලොත් මේක සිද්ධවුනෙ අපේ අසල්වැසි ඉන්දියාවේ 1984 වර්ශයේදී, හරියටම කියනවානම් දෙසැම්බර් 2-3 රාත්‍රියේදී මධ්‍යප්‍රදේශ්, බෝපාල්වල. ඛෙදවාචකය තමයි මේ ප්‍රදෙශයේ තිබුන යුනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් කියන සමාගමෙන් වැරදීමකින් කාන්දුවුන මීතයිල් අයිසොසයනේට් හා තවත් විශවායූන්ට ප්‍රදේශවාසීන් නිරාවරණය වීම.


     සිදුවීමෙන් ඇතිවූ ජීවිතහානිය එක් එක් පාර්ශ්වයන් විසින් විවිධ ලෙස තක්සේරු කලා. සිද්ධිය සිදුවූ සැනින් සිදුවූ මරණ සංඛ්‍යාව මධ්‍යප්‍රදෙශ් රජය 3,787ක් ලෙසද නිලවාර්ථා 2,259ක් ලෙසත් වාර්තාකලා. එසේම සිද්ධියෙන් සතියක් ඇතුලත එය තවත් 8,000න් පමණ ඉහල ගිය බව කියවේ. කෙසේවෙතත් 2006 වසරේදී රජය විසින් 558,125 ක තුවාලකරුවන් ප්‍රමාණයක් මින් පීඩාවිදින බව ප්‍රකාශයට පත්කලා. මේ අතරට 38,478ක සාමාන්‍ය තුවාල කරුවනුත් 3,900ක දරුණු තුවාල ලැබූ සදාකාලික රෝගීනුත් අයත්වන බව පැවසේ. 

Thursday, November 19, 2015

Operation Geronimo (බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම)

බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම






  • මෙහෙයුම - ඔපරේෂන් ජෙරනිමෝ

    • බින්ලාඩන්ගේ රැකවළුන් එල්ල කළ ප්‍රහාරයෙන් බ්ලැක්‌හෝක්‌ හෙළිකොප්ටරය කඩා වැටේ.
    • බින්ලාඩන් සිටි නිවසට රාත්තල් 2000 ක බෝම්බ දුසිමක්‌ දැමීමේ මුල් සැලසුම අත්හිටුවයි.
    • පාවාදීම කළේ ගුන්තනාමෝ බේ සිර කඳවුරේ සිටි බින්ලාඩන්ගේ සගයන් දෙදෙනක්‌.
    • මෙහෙයුම ගැන පකිස්‌තානයටවත් හෙළි කළේ නැහැ - ඇමරිකානු නිලධාරියෙක්‌ පවසයි
    • දිනය - 2011 මැයි 1 වැනිදා රාත්‍රි 10.00
    • ස්‌ථානය - පකිස්‌තානයේ ඉස්‌ලාම්බාද් අගනුවර සිට චීනය වෙත සම්බන්ධවන කුලාතුලා අධිවේගී මාර්ගයේ පිහිටි ඇබ්බොට්‌මාබාඩ් නගරය.

    ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවු Futility or The Wreck of the Titan

    1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් “ටයිටෑන්” කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.


    පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් දෙකේම හිටිය 3000ක් ඒත් ඇතිවෙන්න බෝට්ටු තිබුනෙ නැහැ, පොතේ නැවෙන් මියගියේ 2500යි, ඇත්ත නැවෙන් මියගි‍යා 2208ක්.

    Wednesday, November 18, 2015

    බොන්සායි කලාව

    බොන්සායි කලාව කියන්නේ මොකද්ද?


    බොන්සායි කියන ජපන් වචනය බොහෝ දෙනා අහල ඇති. බොන්සායි කලාවට ජපන් ජාතිකයන් උරුමකම් කීවත් මේක ආරම්භ වුනේ චීනයේ. ඒ මීට වසර දහස් ගණනකට ඉස්සර. ඒත් මේක ලෝකෙට දුන්නෙ නම් ජපානය.සරලවම කියනව නම් බොන්සායි කියන්නේ පැතලි බඳුන් වල කුරු ශාක වගා කිරීමේ කලාවටයි. ශාකය කුරු වුනත් ස්වභාවික විශාල පැරණි ශාකයක හැඩය ඒ අයුරින්ම එයට ලබා දෙන්න පුලුවන්.හැඩය පමණක් නොවේ පැරණි ශාක වල ඇති කැලැල්, මැරුණු අතු වල ලක්ෂණ ආදිය ද ඒ අයුරින්ම නිර්මාණය කල හැක.

    බොන්සායි ගසක් නිර්මාණය කිරීම අප හිතන තරම් පහසු නැත. ඒ සඳහා දැනුමට අමතරව හොඳ ඉවසීමක් හා උත්සාහයක් අවශ්‍ය වේ. එසේම බොන්සායි සඳහා සම්මත නීති පද්ධතියක් ඇත. මේවා අනුගමනය අනිවාර්‍ය නැත. නමුත් සම්මත නීති අනුගමනය කිරීමට උත්සාහ ගතහොත් ඉතා උසස් බොන්සායි නිර්මාණයක් කරගත හැක.

    ඇත්තෙන්ම කියනවනම් බොන්සායි කියන්නේ මිනිසාගේ සිත නිවන අගනා නිර්මණයක්.