තඩි ලැයිස්තුවක් තියෙන හින්දා, ඕං හැම තල්මසුන් ගැනම සහ මුල්ලන ගැන කෙටියෙන් දාන්නම් ඕං..
අපි ආඩම්බර විය යුතුයි මේ වාගෙ මුහුදු තීරයක් වාගේම, ලොකයේ වෙසෙන බොහෙමයක් තල්මසුන් සහ මුල්ලන්,විශේෂයෙන්ම දුර්ලබ තල්මසුන් අපේ ශ්‍රී ලංකාවේ මුහුදු තිරයන් අවට ඉන්න එක ගැන.
මේ Whales ( Cetecea සිටේශීයා) ග්‍රොත්‍රයට තමයි මේ මුල්ලන්(ඩොල්ෆින්ලා),තල්මසුන් සියල්ලම ඇතුලත් වන්නෙ
මුල්ලන්ගෙන්(ඩොල්ෆින්ලාගෙන්) පටන් ගමු.
සුලභ මුල්ලා Common Dolphine
දිගින් අඩි 8.8 වන අතර 150kg බරකින් යුතුයි.
කෙටිවරල් නියමු තල්මසා Short finned pilot whale ගැහුණු සතා දිගින් අඩි 17 වන අතර බර 1500kg වේ,පිරිමි දිග අඩි 24ක් වන අතර බර 3000kg වේ.
මලින මුල්ලා Rissos Dolphin ගින් අඩි 12.5 වන අතර 500kg බරකින් යුතුයි.
කෙටි හොට මුල්ලා Frasers Dolphinගින් අඩි 8.8 වන අතර 210kg බරකින් යුතුයි.
කුරු මිනීමරු තල්මසා Pygmy killer Whaleදිගින් අඩි 8.5 වන අතර බර 170kg වේ.
මිනීමරු තල්මසා Killer Whale
දිගින් ගැහුණු සතා අඩි 17,පිරිමි සතා අඩි 30 වන අතර ගැහුණු සතා 2270kg බරකින්ද,පිරිමි සතාගේ බර 5400kg වේ .
පුහුලොළු තල්මසා Melon headed Dolphin
දිගින් අඩි 9.8 වන අතර 210kg බරකින් යුතුයි.
බොරු මිනීමරු තල්මසා False killer Whale ගැහැණු සතා දිගින් අඩි 16.5,පිරිමි සතා අඩි 19.5 වන අතර 1360kg බරකින් යුතුයි.
කබර මුල්ලා Indo-pacific hump-back Dolphin
දිගින් අඩි 6.6ත් අඩි 9.2 ත් වන අතර බර 150kg ත් 200kg වේ.
තිත් මුල්ලා Striped Dolphin
ගැහුණු සතා දිගින් අඩි 8ක්,පිරිමි සතා අඩි 8.5ක් වන අතර 150kg බරකින් යුතුයි.
වයිරම් මුල්ලා Pan tropical spotted Dolphin
දිගින් අඩි 8.2 වන අතර 120kg බරකින් යුතුවේ.
සන්නාලි මුල්ලා Spinner Dolphinදිගින් අඩි 7.8 වන අතර 78kg බරකින් යුතුවේ.
රළු දත් මුල්ලා Rough-Toothed Dolphin වැඩුනු සතුකෙගු දිග අඩි 6 ත් අඩි 9 වන අතර 90kg ත් 155kg අතර බරකින් යුතුයි.
දිගසුඹු මුල්ලා Bottle nosed Dolphin
දිග අඩි 8.2ත් අඩි 12 ද වන අතර 190kg ත් 450kg අතර බරකින් යුතුයි.
ෆොකෝනිඩේ (Phocoenidae)කුලයේ තල්මසුන් විශේෂය
අවරල් මුල්ලා Finless Porpoise
දිග අඩි 7.5ක් වන අතර 72kg බරකින් යුතුයි.
Whales (Balaenopteride) බැලේනොප්ටෙරිඩේ කුලයේ තල්මසුන්
මින්කි තල්මසා Minke Whaleදිග අඩි 35ක් වන අතර 9200kg බරකින් යුතුයි.
බ්‍රයිඩ්ගේ තල්මසා Brydes Whale දිග අඩි 51ක් වන අතර 40000kg බරකින් යුතුයි.
නිල් තල්මසා Blue Whaleදිග අඩි 78 - අඩි 100 ත් අතර ද, 76000kg-136000kg අතර බරකින් යුතුයි.
වරල් තල්මසා Fin Whale දිග අඩි 89ක් වන අතර 2700kg බරකින් යුතුයි.
මොල්ලි තල්මසා Hump backed Whale දිග අඩි 52-56ත් වන අතර 40000kg බරකින් යුතුයි.
ෆිසටෙරිඩේ(Physeteridae) කුලයේ තල්මසුන්
කුරු මද තල්මසා Pygmy sperm Whaleදිග අඩි 11.5 ක් වන අතර 410kg බරකින් යුතුයි.
මිටි-මද තල්මසා Dwarf sperm Whaleදිග අඩි 8.9 ක් වන අතර 210kg බරකින් යුතුයි.
මද තල්මසා Sperm Whale
ගැහුණු සතකෙගු බර 24000kg වන අතර පිරිමි සතෙකුගෙ බර 57000kg වේ.
එ වාගෙම් ගැහුණු සතෙකුගේ දිග අඩි 36 ද පිරිමි සතෙකුගේ දිග අඩි 60ක් වේ.
සිෆිඩේ (Ziphidae) කුලයේ තල්මසුන්
බ්ලේන්විල්ගේ හොට-උල් තල්මසා Blainville’s beaked Whale
පිරිමි සතා දිග අඩි 14.6 වන අතර 800kg බරකින් යුතුයි.
ගැහැණු සතා දිග අඩි අඩි 15ක් වන අතර 990kg බරකින් යුතුයි.
ජපන් හොට-උල් තල්මසා Ginko-toothed beaked Whaleදිග අඩි 16 වන අතර 1500kg බරකින් යුතුයි.
කවියර්ගේ හොට-උල් තල්මසා Goose beaked Whale
දිග අඩි 23 වන අතර බර 3000kg වේ.
--
මේම පොස්ට් එක සකස් කිරිමේදි යම් තොරතුරු ,දත්ත විකිපිඩියාව සහ Voices in the Sea යන වේබ් අඩවි වලින් ද ,මගේ දැනුමද උපයොගි කරගනිමින් එළකිරි සමාජිකයන් වන ඔබ වෙනුවෙන් පලකරන ලදි.
ඉමේජස් පෙන්නෙ නැත්තම් කියපන්
ඔබට මේම තල්මස්නුගෙ සහ මුල්ලන්ගෙ ශබ්ද ඇසිය යුතුනම් පිවිසෙන්න Voices in the Sea.මෙහි බොහො තල්මසුන්ගෙ,මුල්ලන්ගෙ ශබ්ද ශ්‍රවනය කළ හැක
http://cetus.ucsd.edu/voicesinthesea_org
No comments:
Post a Comment